හෙළමී හුස්මෙන් මා සෝදුක්

B147 C210 CB255 D255 E255 F43 G255 K210 LSM48 P255 R194 S119 Si255 T255
1
සමිදේ හෙළන්න හුස්මෙන්
ඔබ ආත්මෙ මා මත
වගුරම් ඔබෙ ළයේහී
මගෙ පාප හා ප්‍රාණේ
 
හෙළමී හුස්මෙන් මා සෝ දුක්
මා-ගෙ හැම පව්
ගනිමී හුස්මෙන් යලී මා
පූර්-ණත්වේ ඔබේ
2
හෙළමී හුස්මෙන් මා ජීවේ
මා පිරෙන්-ට ඔබගෙන්
හැරදා- මගෙ හැම-දේ
ගනිමින් ඔබේ ජීවේ
3
හෙළමී හුස්මෙන් මා පාපේ
සොබා- ඔබ දැරූ
ගනිමී හුස්මෙන් ඔබ-ම
පිවිතුරු වන්ට මා
4
හෙළමී හුස්මෙන් මා සෝ දුක්
පෙම්බර- ඔබෙ ළයේ
ගනිමී හුස්මෙන් ඔබ-ගේ
සැනසුම හා සාමේ
5
හෙළමී හුස්මෙන් මා රෝග
දැරුවා එයත් ඔබ
ගනිමී හුස්මෙන් මට- දුන්
ඒ සුවය- සදා
6
හෙළමී හුස්මෙන් මා ආශා
ඔබගේ සවනට
ගනිමී හුස්මෙන් විසඳුම්
බිය සැක මා නිවා
7
ගනිමී හුස්ම නිතී මා
ඔබෙ ජී- වය අරන්
ඔබේ‍ ආත්මෙන් ජීවත් වන්නෙම්‍
හැම හුස්මක් පාසාම