1
පෙම්බර මා යේසූනි - දිනු මාගෙ ප්‍රේමේ
කවුදෝ ඔබ සේ මිහිරී - සොඳුරූ හා අලංකාර
අසම- වූ සුන්දර වූ
කවුරුත් නෑ- ඔබවන් වූ
කවුදෝ ඔබ සේ මිහිරී - සොඳුරූ හා අලංකාර
අසම- වූ සුන්දර වූ
කවුරුත් නෑ- ඔබවන් වූ
2
පෙම්බර වූ මා ස්වාමී - ඔබ හඬ මා අසමී
ඒ හඬ මා හද රැඳි දා - සිට මා වෙන්වී ඇත්තේ
නිසරූ ඒ හැම දේකින්
වියැකී උඩඟුකම්
ඒ හඬ මා හද රැඳි දා - සිට මා වෙන්වී ඇත්තේ
නිසරූ ඒ හැම දේකින්
වියැකී උඩඟුකම්
3
පෙම්බර මා යේසූනි - දැඩිසිත් වෙමි කෙසේ?
මා දැඩිකම් ඔබ පාමුලේ - දා එමි ගී ගයමින් මා
ඔබෙ වහලා වෙමි ප්‍රේමෙන්
කීකරු-කම ප්‍රියයි
මා දැඩිකම් ඔබ පාමුලේ - දා එමි ගී ගයමින් මා
ඔබෙ වහලා වෙමි ප්‍රේමෙන්
කීකරු-කම ප්‍රියයි
4
පෙම්බර වූ මා ස්වාමී - මා ගන්නේ ඔබෙ මගයි
කඳුලින් කීකරු වන මුත් - නෑ මා වෙනස් වන්නේ
මට ඕනෑ ඔබෙ සතුටයි
එ ගේන සාමෙයි
කඳුලින් කීකරු වන මුත් - නෑ මා වෙනස් වන්නේ
මට ඕනෑ ඔබෙ සතුටයි
එ ගේන සාමෙයි
5
පෙම්බර මා යේසූනි - අබිමුවේ මා ගිලිහී
හිරු උ-දා නොවුණා සේ - සිනා මුහුණු- සැඟවීලා
බලා ඉන්නේ ඔබෙ ඊමයි
ඔබෙ වැළඳගැන්මයි
හිරු උ-දා නොවුණා සේ - සිනා මුහුණු- සැඟවීලා
බලා ඉන්නේ ඔබෙ ඊමයි
ඔබෙ වැළඳගැන්මයි
6
පෙම්බර වූ මා ස්වාමී - කියමිද හැම ඔබට
ඔබ ප්‍රේමෙයි තෘප්තිය වෙයි - සදාටම මගෙ කොටසයි
මට ඕනෑ දේ ඔබමයි
නෑමයි අන් කිසිත්
ඔබ ප්‍රේමෙයි තෘප්තිය වෙයි - සදාටම මගෙ කොටසයි
මට ඕනෑ දේ ඔබමයි
නෑමයි අන් කිසිත්
7
පෙම්බර මා යේසූනී - ඔබටයි සියලු දේ
ඔබ වන් මිහිරි යහපත් - ඔබ වන් අලංකාර
අසම වූ සුන්දර වූ
ඔබ වන් කෙනෙකු නෑ
ඔබ වන් මිහිරි යහපත් - ඔබ වන් අලංකාර
අසම වූ සුන්දර වූ
ඔබ වන් කෙනෙකු නෑ
Delete Comment
Are you sure you want to delete this comment?