ඔබගෙ ශුද්ධ මේසයේ

B115 C176 CB223 E223 F228 G223 K176 P223 R165 S99 Si223 T223
1
ඔබගෙ ශුද්ධ මේසයේ - රොටිය හා කුසලාන වේ
භුක්ති විඳිමු ලකුණු ඒ - අධික පෝෂණේ ලබා
ආශීර්වාද පිරුණු ඒ - කුසලානේට ස්තුති කරම්
ඔබ මිදීම එහි තිබේ - ඔබෙ සියල්ලෙන් එය පිරේ
2
අපගෙ පව් කමාවන්ට - හෙළූ ලේය එහි ඇත්තේ
ඒ ගිවිසුමයි අපේ - ආසිරී ලබන්නට
උදහසේ කුසලානෙ බී - රස විඳ මරණයේ
ඒ මගින් මිලදී ගත්තේ - ආශීර්වාද කුසලානේ
3
එය තුළේ දෙවිඳුන් වේ - අහිමි වූ ආදම් නිසා
හෙළූ නිසා ලෙය ඔබේ - දෙව් අපේ සියල්ල වේ
එය තුළේ අපට ඇතේ - මිදුම සමාදානය
අපට දෙව් සළස්වා දුන් - සෑම දේ මෙතුළ තිබේ
4
මේ කොටස වේ සදා - උතුරලා යයි කුසලොනේ
සගයෙ රසය විඳිනෙමූ - දෙව් මැවූ කුසලානෙන් ඒ
ප්‍රේමයෙන්ම අපි බොමූ- සමිඳ ඔබ සිහි කොට
එක් වෙමූ එසේ ඔබේ - කල්වරියෙ ක්‍රියාවට