මේ විශ්වයේ එක සිරුරයි ඇත්තේ

CB1107 Cs611 D1107 E1107 F38 G1107 K829 LSM44 P1107 R173 S105 Si1107 T1107
1
රැස්වී අපී, එකම සිරුරක් සේ
බොහෝ නමුත්, අපි එක් අයෙක් වෙමූ
අවයවයි, ජීවනේ අපි ඔබ-ගේ
ඒ ජීවනේ, අපි එක් අයෙක් වෙමූ
 
මේ විශ්වයේ, එක සිරුරයි ඇත්තේ
අපි දක්වමූ, එය මිහිතලේ
හැම පෙදෙසේ එක් අයෙකු සේ එක්වී
දකින්නටා, සියල්ලන් හටා
2
එක් රොටියයි, ලකුණයි ඔ-බ සිරුරේ
එය කැඩුණේ, බෙදෙන්නටයි සැමටා
කන්නේ එයයි, අප එය ක-න විටදී
පැවසෙන්නේ, හැම හා ඒකත්වයයි
3
එක රොටියයි, කුසලානෙයි මේසේ මත්තේ
පෙන්වා දෙන්නේ, අපි එක් අයෙක් බවයි
අප මුදා, ශරීරය ඒතුම් සේ
කියමූ ආමෙන්, අපි එක් කෙනෙක් කියා
4
සිට ගමූ, වෙන් කළ නො-හෙනා සේ
කිතු තුළේ, අපෙ ඒකත්වය නිසා
එකම වූ, රොටිය හා කුසලානේ
එක්ව ගන්නේ, අපි එක් කෙනෙක් නිසයි
5
ප්‍රීතියි ඉතා, අපගේ ඒකත්වේ මේ
ඔබද ප්‍රී-තී වේයැයි දැ-නෙන්නේ
බෙදා ගමූ, පෙර රසේ මේ ප්‍රීතී
මනාලි හා මනාලයා විඳිනා