跳到內容
hymnal.net
hymnal.net
我的詩歌列表
Sinhala544
1
මා යේසුනී මා ආදරෙයි, ඔබ මාගෙ යැයි දනිමී
පාපේ හැම සුවය ඔබ වෙනුවෙන් හැර දමමි
මිදුම්කරුනි මාගේ, ගැළවුම්කරු ඔබයි
ආදරය කළා නම් මා ඔබට යේසුනී ඒ දැනුයි
2
ආදරය කරමි, ඔබමයි මට, මුලින් ආදරය කළේ
කල්වාරියේ ගසෙහී මගේ කමාවට මිල ගෙව්වේ
මා ආදරෙයි පැළඳූ නිසා, ඒ කටුවැල් ඔබගෙ හිසේ
ආදරය කළා නම් මා ඔබට යේසුනී ඒ දැනුයි
3
ආදරය කරමි ඔබට මගේ ජීවිතේ හා මරණේදී
හුස්ම මට දී ඇති තුරා, ඔබටම පසසමී
මරණේ පින්නෙන් මාගේ හිස වැසෙනා විටදී කියමී
ආදරය කළා නම් මා ඔබට, යේසුනී ඒ දැනුයි
4
සදාතනේ යුගයන් පුරා, ප්‍රීති නිම නැතී
සදාටම නමදිම් ඔබ, අති දීප්තිමත් මහිමේ
ගයන්නෙමී, මාගේ හිසේ දිලෙනා ඔටුනූ දරා
ආදරය කළා නම් මා ඔබට, යේසුනී ඒ දැනුයි

Delete Comment

要刪除此留言嗎?此動作無法復原。