1
ප්‍රේමය දෙමී - යළිත් නොලබන්ට
සේවය දෙමී - මිල නොලබන්ට
වෙහෙස වෙමී - මා සිහි නොකෙරෙන්ට
දුක් විඳිමී - කාටත් නොපෙනෙන්ට
සේවය දෙමී - මිල නොලබන්ට
වෙහෙස වෙමී - මා සිහි නොකෙරෙන්ට
දුක් විඳිමී - කාටත් නොපෙනෙන්ට
2
මිදි පැන් - දෙමී මා නොබී
මට නැතත් - කඩා රොටි දෙමී
දිවි දෙමින් - අනුන් වෙනුවෙන්ම
දුක් විඳිමී - ඔවුන් සැනසෙන්ට
මට නැතත් - කඩා රොටි දෙමී
දිවි දෙමින් - අනුන් වෙනුවෙන්ම
දුක් විඳිමී - ඔවුන් සැනසෙන්ට
3
කිසිවෙක් නැතීව මට සළකන්ට
පසසන්ට හෝ මා සනසන්ට
හුදෙකළාව කිසිවක් නැතී
අසරණව මම සිටින්නෙමී
පසසන්ට හෝ මා සනසන්ට
හුදෙකළාව කිසිවක් නැතී
අසරණව මම සිටින්නෙමී
4
මගෙ ලෙයින් කඳුලෙන්
කිරුළේ මිල ගෙවන්නෙම්
දේව දරුවෙකු වන්නට
දුක දරන්නෙම්
සමිදේ - මෙලෙසයි ඔබ ජීවත් වුණේ
සිටි යුගේ මේ පොළෝ තලේ
ප්‍රීතියෙන් දුක් දරා - ඔබෙ සෑම දනා
හැම දුකින්ම මුදවන්නට
කිරුළේ මිල ගෙවන්නෙම්
දේව දරුවෙකු වන්නට
දුක දරන්නෙම්
සමිදේ - මෙලෙසයි ඔබ ජීවත් වුණේ
සිටි යුගේ මේ පොළෝ තලේ
ප්‍රීතියෙන් දුක් දරා - ඔබෙ සෑම දනා
හැම දුකින්ම මුදවන්නට
5
මගෙ මතුදා කෙවන්දැයි මම නොදනිම්
නොහැරෙන මාර්ගෙක ගෙන යනු ලබනෙම්
උගනිමී සමිඳ ඔබෙ ආදර්ශයෙන්
විඳිනට දුක් සිත තුටිනී
නොහැරෙන මාර්ගෙක ගෙන යනු ලබනෙම්
උගනිමී සමිඳ ඔබෙ ආදර්ශයෙන්
විඳිනට දුක් සිත තුටිනී
6
දුෂ්කර පීඩා පිරි මේ දවසේ
පිස දමන්ට මා කඳුලැල්
මගෙ සැනසුම ඔබ පමණමය කියා
දිවි ගෙවන්ට අනුන් වෙනුවෙන්
පිස දමන්ට මා කඳුලැල්
මගෙ සැනසුම ඔබ පමණමය කියා
දිවි ගෙවන්ට අනුන් වෙනුවෙන්
Delete Comment
Are you sure you want to delete this comment?