අබ්බා පියතුම ඔබ කරා එමු

B43 C37 E43 F220 K37 LSM10 P43 R35 S28 Si43 T43
1
අබ්බා- පියතුම ඔබ- කරා එමු
ගැලවුම්කරුගේ නාමයෙන්
ඔබේ පුතුන් සේ රැස් - වෙමූ මෙහි
පොරොන්දුවේ ආසිරි ඉල්ලා
ලෙයින් එතුම්ගේ - පා-ප සෝදා
එතුම් තුළිනි අප ළං වූයේ
ආ-ත්මයයි ඔබෙ කියන්ට කීවේ
අබ්බා පියතුමනී කියා
2
ගියේ අකීකරු - පුතුන් ලෙසින් අප
ඈතට ඔබගෙන් පා-පයේ
නුමුත් ඔබේ කරු-ණාව පාමින්
ඒ දුකින් අප ගැළෙවූයේ
වස්-ත්‍රයෙන් ගැළවුම් සැදී ගත්
අපගේ තැන ඔබෙ මේසයයි
ප්‍රීති වෙමු අපි - ප්‍රීති වේ ඔබ
ඔබේ බොහෝ සම්පත් තු-ළේ
3
අකී-කරු පුතු හට- කමාවී
සිඹගෙන පියෙකුගෙ ප්‍රේ-මයෙන්
ඔබේ අරමුණට ගෙන- එමින් අප
තර කළ වස්-සා මරා දෙමින්
ඇසේ ඔබේ හඬ ප්‍රකාශ කරනා
“ප්‍රීති වෙමූ අපි බෝ-සේ දැන්
මගේ නැතී වූ - පුතා හමූ- වුණි
මැරී සිටී ඔහු ජීවත් වෙයි”
4
අබ්බා පියතුම පෙම් කරමු අපි
සගයේ සේනා දැනගද්දී
ඔබ-ගෙ ප්‍රේමය ප්‍රසාද දානය
ගැන- පුදුම දේ අප තුළින්
වහා- ඔබේ දරුවන්- සියල් සිට
ඔබේ සිහ-සුන ඉදිරි-යේ
කියන්ට යති අබ්-බා පියාගේ
නාමය ප්‍රේමය පූර්ණ යැයි