පියතුම ඔබ මූලය ජීවේ

Cs620 D1081 E1081 F222 G1081 K851 P1081 R44 S32 Si1081
1
පියතුම ඔබ මූලය ජීවේ
අපි වෙමු ඔබ බිහිකළ දරුවෝ
අප උරුමය වූ ඔබගෙ නමින්
පියතුම ඔබ මූලයයි ජීවේ
 
ජීවනෙන් - ඔබගේ
ජීවනෙන් - ඔබෙ ඒකත්වය තිබේ
ජීවනෙන් - ඔබගේ
ජීවනෙන් - අපි එක් අයෙක් වෙමූ
2
ඔබ ශුද්ධ වචනය අප පොඟවයි
ස්තුති කරමුද කොතරම් ඔබට
එය අප වෙන්කරවයි ලෝකෙන්
ස්තුති වේ ඔබෙ ශුද්ධ වචනයට
 
වචනෙන් - ශුද්ධ වූ
වචනෙන් - ඔබෙ ඒකත්වය තිබේ
වචනෙන් - ශුද්ධ වූ
වචනෙන් - අපි එක් අයෙක් වෙමූ
3
ත්‍රිඒක දෙවිඳුන් මහිමවත් වේ
අපි වෙමු දරුවන් දෙවිඳුන්ගේ
දක්වමු අපි එතුමන් මහිමේ
ත්‍රිඒක දෙවිඳුට මහිමය වේ
 
මහිමෙන් - ඔබගේ
මහිමෙන් - අපට ඒකත්වය තිබේ
මහිමෙන් - ඔබගේ
මහිමෙන් - අපි එක් අයෙක් වෙමූ