කොටස මගේ වෙන්වී ඇතැයි

C305 NS12 NS12si
1
කොටස මගේ - වෙන්වී ඇතැයි දනිමි පියාණෙනී
එන්ට ඇති- දේවල් දකි-න්ට බිය නොම වෙමී
ඔබ තුටු කරන්ට නැමි සිතක් මම අය-දිමි
2
යදිමී ඔබෙන් ගැඹුරූ පෙමක් , මා ගැන සළකනා
සතුටෙදි සිනාසෙනා දුකේ- කඳුළු- පිස ලනා
නිවුණූ- හදක්, සන-සනා අනුකම්පා දෙනා
3
නැති කර මගේ කැමැත්ත, ඉ-ක්මන් හා සෙල-වෙනා
කරන්ට මහත් වූ දේවල් සොයන්ට රහස් දේ
බිළිදෙකු ලෙසේ- මට සළකන්න - මග පෙන්-වා නිතී
4
කොතැන කුමන තත්ත්වයේ - සිටිනා මුත් මා ලොවේ
සහභාගිකමින් ඉන්නෙමී වපුරන්ට සිත් අනුන්
යටත්කමින් සමි-ඳුන්ට කරනා වැඩක් ඇතේ
5
ඉල්ලන්නෙමි මා ශක්තිය, ඔබ නෑ නොදී ඉන්නේ
ඉන්නා තුරා ලොවේ ජී-වත්ව ඔබ හා ඉන්නට
මහීමය ඔබ-ට නම් මට සුළු ඉඩක් ඇතී
6
ඉල්ලිය හැකි- නම් නැති දෙයක් ආසිරි කුසලානේ
ඉල්ලමි ප්‍රේමෙන් පිරෙන්ට ඔබට මාගෙ ආත්මේ
ප්‍රසන්න කරන්නටයි සේවාව දෙන්ට නොවේ
7
බාධක ඇත්තේ හැම මා-ර්ගයේ ඉවසීම ඕනෑ වේ
කුරුසෙයි හැම- තැන ඇත්තේ, දැඩි යාඥා ඕනෑ වේ
එනමුත් හද- යැපෙනා ඔබෙන් ප්‍රීතී වන්නේ නිතී
8
ඔබ පත්කළා වූ සේවයේ නැතේ බැඳුම් කිසිත්
නිදහස් කළා වූ ඔබ මගේ හදවතට සත්‍යය දී
තමකම නසාලූ ප්‍රේමය ජීවෙයි නිදහසේ