ඔලීව පල මිරිකී නැත්නම්

B372 C458 CB626 D626 E626 G626 K458 P626 R453 S295 Si626 T626
1
ඔලීව පල මිරිකී නැත්නම්
බෑ ඉන් ගන්ට තෙල්
යන්ත්‍රයට නොගියොත් මිදී
බෑ ලබන්ට මි-දි පැන්
බිඳී ගියොත් ජටා මාංශය
පම-ණයි එහි සුවඳ
ප්‍රේමෙන් ඔබ දුන් පීඩා කෙරෙන්
සැඟවෙන්නදෝ මා ඉතින්
 
මාගෙ සැම පීඩාව
මට ලාභයකි සැබෑ
ගන්නා දේට ඔබ මාගෙන්
ඔබමය මට දෙන්නේ
2
ගයන්ට ගී ඔබට- මා
ඔබ-ම ගැයිය යුතු වේ
හැදෙන්ට ඔබගේ ප්‍රේමේ
දැඩිකම ලද යුතු වේ
ඔබ හට ළං කරවයි නම්
බිය නෑ හිඟකමට
ඔබ හද පෙම දැකගන්ට
කැපවෙමි මුළුමනින්
3
මමත්වය- රැක ගන්ට
මම- වෑයම් කළෙමී
ඔබ මා බිඳ දැමුවත් පෙමින්
තවමත් එලෙස වෙමී
කටයුතු කළ මැන මා හා
ඔබ හට සිත් පරිදී
නොතකා සිතිවිලි මාගේ
ඔබ කැමතී පරිදී
4
එකඟ නැතත් ඔබ හා මා
කළ- මැන ඔබගේ දේ
ඔබගෙ සතුට මට වේදනා
දෙනමුත් කැමති වෙමී
නැතිව ගියත් මට බෝ දේ
ඔබේ සතුටයි ඕනෑ
ඔබ ප්‍රීතිය මහිමේට
මම කුරුසයට යමී
5
හඬමින් වුව මා ගීයෙන්
ඔබ- පසසන්නෙමී
ඔබේ මිහිරිකම බෝ වේ
පසසමි මුළු දවසේ
ඔබ මට බෝ අගනේමයි
ලොව- හැම දෙයට වඩා
ඔබ වැඩිවී මා නැති වී
එය පැතුමයි මාගේ