1
ඇසුණා මට යේසුන්- හඬ
වෙහෙසී ඉන්නා නුඹ
මවෙත- අවුත්, සැතපී සිටින්
හිස මා ළයේ තියා
ආවෙමි මම - උන් විලසින්ම
වෙහෙසී, ශෝකෙන් තැවී
එතුමන්- තුළ ලැබුණා තැනක්
සැතපෙන්ට සං-හිඳී
වෙහෙසී ඉන්නා නුඹ
මවෙත- අවුත්, සැතපී සිටින්
හිස මා ළයේ තියා
ආවෙමි මම - උන් විලසින්ම
වෙහෙසී, ශෝකෙන් තැවී
එතුමන්- තුළ ලැබුණා තැනක්
සැතපෙන්ට සං-හිඳී
2
ඇසුණා මට යේසුන්- හඬ
බලව නොමිලේ දෙමී
බීපන්-න දැන්, ජීවේ ජලේ
පිපාස වූ නුඹ
විත් බීමි ඒ දිය දහ-රිනී
පවස නිවුණා මාගේ
නව පණ- ලබා එතුමන්- තුළේ
දැන් මම ජීව-ත් වෙමී
බලව නොමිලේ දෙමී
බීපන්-න දැන්, ජීවේ ජලේ
පිපාස වූ නුඹ
විත් බීමි ඒ දිය දහ-රිනී
පවස නිවුණා මාගේ
නව පණ- ලබා එතුමන්- තුළේ
දැන් මම ජීව-ත් වෙමී
3
ඇසුණා මට යේසුන්- හඬ
අන්ධකාර මේ ලොවේ
එලිය මමයි, මදෙස- බලන්
දවස- පහන් වෙන්නේ
බැලුවෙම් දුටිම් එතුමන් තුළ
හිරු හා තරුත් මාගේ
ඒ ජීවනේ එළියෙන් යමී
ගමන නිමනා තුරා
අන්ධකාර මේ ලොවේ
එලිය මමයි, මදෙස- බලන්
දවස- පහන් වෙන්නේ
බැලුවෙම් දුටිම් එතුමන් තුළ
හිරු හා තරුත් මාගේ
ඒ ජීවනේ එළියෙන් යමී
ගමන නිමනා තුරා
Delete Comment
Are you sure you want to delete this comment?