ක්‍රිස්තුන්ගේ ජයග්‍රහණෙන්

B314 C401 CB540 E540 G540 K401 LSM149 P540 R386 S243 Si540 T540
1
නිදහස් වුණිද කොතරම්
ක්‍රිස්තුන් මා මුදවලා
පාපේ සෑම බල බිඳිලා
මරණේ විස නැසිලා
 
ක්‍රිස්තුන්ගේ ජයග්‍රහණෙන්
මා සදා ජයගත්තා
උත්ථානයෙන් බලයෙන් දැන්
සවිමත් වන්නේ මා
2
මුදවා නීතියෙ බලයෙන්
මා සදා එහි මැරී
තවත් මා නම් බැඳිලා නෑ
කරුණාවයි ඇත්තේ
3
කල්වාරියෙදි පරදා
පාපේ බල නසා
දැන් මා තුළ එහි බල නෑ
නිදහස් වේ ඉන් මා
4
අද මරණය නැති කරලා
නිර්මල දිවි පෙන්වා
මරණේ බැමි සැම බිඳිලා
උත්ථානේ ජීවෙන්
5
සිය මරණින් පොඩි කරලා
බල යකුගේ ලෝකේ
මුදවාගෙන අඳුරෙන් මා
ආලෝකයෙ තැබුවා
6
සෑහේ මට කරුණාව
බලයෙන් මා වැසූ
හැම දුර්වලකම්වලදී
සවිමත් කරමින් මා