跳到内容
hymnal.net
hymnal.net
我的诗歌列表

已达下载上限

Sinhala403
1
ජීවත්වෙන්න මා තුළින්
මගෙ ජීවනෙ ඔබමයි
සෑම ප්‍රශ්නේ විසඳුම සේ
ගන්නේ මා ඔබමයි
ජීවත්වන්න මා තුළින්
සැමදේ ඔබෙ කැමැත්තයි
මා ඔබ දක්වනා වූ -
විනිවිද වූ බඳුනයි
2
ඔබෙ මාළිගය කැප වේ
හැම පාපෙන් වෙන් වී
ඔබෙ තේජසේ ගිනිදැල්
දැල්වෙන්නට ඇතුළේ
ඔබගෙන්ම ලැබ ජීවේ
ඔබෙ කීකරු වහළා වී
පිදෙනා සැටී මෙලෙසේ -
මුළු පොළොවම බලනා
3
සැමදෙනමත් සැම මොහොතේ
සැදී ඔබෙ අණටා
කර තබලා විය ගසටා
දුන් සේ වෙහෙසෙන්ටා
බාධාවට ලුහුබැඳුමට
කිසි කැළඹීමක් නැත්තේ
විශ්වාසයි ඔබ සමිදේ -
කිසි පසුතැවුමක් නෑ
4
සැනසීම හා ප්‍රේමෙන්
හැම බැමි ඉවතට ලා
ඔබ තෝරාගත් සේ මා
අත දිගුකොට පෙන්වා
ජීවත්වන්න මා තුළින්
මගෙ ජීවනේ ඔබමයි
සෑම ප්‍රශ්නේ විසඳුම් සේ -
ගන්නේද ඔබමයි 

Delete Comment

要删除此留言吗?此动作无法复原。