මිතුරෙක් ඇත්තේ එතුමන් ප්‍රේමේ

C129 E156 K129 P156 Si156 T156
1
මිතුරෙක් ඇත්තේ, එතුමන් ප්‍රේමේ
මට අගනේ, ලොවට වඩා
ඉහළයි වඩා, උස්ම තැන්ද
ගැඹුරට වැඩියි මහ සා-ග-රේ
පැරණී අලුත් - සවිමත් සැබෑ
පෙර පදනමටත්, මේ පො-ළො-වේ
ප්‍රේම- කළා, ප්‍රශංසා වේවා
2
ඉහළම තැනයි, එතුමන් ඇත්තේ
ගින්නේ පුතුන්, හැම පසසන්නේ
කොතරම් වීද, එතුමන් ප්‍රේමේ
ආවේ සොයා නැති වූ- ද-නා
හැරදා ඇවිත්, කිරුළ එතුම්
සගයේ රජය, පොළොවේ- කී-ර්-ති
මා සෙව්-වා, ප්‍රශංසා වේවා
3
තනි මාවතෙයි, එතුමන් ගියේ
හැම දනගෙන්, වෙන්වී තනිවී
එතුමන් හා දෙව්, පමණයි දන්නේ
එ හදවතේ පිරි වේ-ද-නා
එනමුත් හැරුණේ, නෑ මාර්ගයෙන්
පාපෙන් දුකින්, වැ-ටී උන්- මා
ලබනා- තු-රා, ප්‍රශංසා වේවා
4
ඉන්පසු උදා, විය ඒ දිනේ
දුක බිය පිරී, මුත් දිරි සිතින්
කටු ඔටුනුත්, අවමන් දරා
අත් හැරියේ, දෙවි හා මිනිස්
පාපය වී, කල්වරියේදී
මියගියෙ එදා අවමා-න-යෙන්
මා මු-දා, ප්‍රශංසා වේවා
5
මියෙනා තුරා, මම ගයමී ගී
පවසා එතුම්, ප්‍රේමේ උතුම්
අවසානයේ, මා යන විටදී
එතුමන් සමගින්, ජී-වත් වෙන්ට
දැකුමයි වත, මගෙ ප්‍රීතිය
මා හිස නමා, මහ හඩ න-ගා
පසසම් සදා, ප්‍රංශංසා වේවා.