මිදීම වේය අති උතුම්

B79 C94 CB116 D116 E116 G116 K94 LSM24 P116 R84 S55 Si116 T116
1
මිදීම වේය අති උතුම් - සමිඳ ඔබ තුළේ
කිසිදාක දැක අසා නැතේ - කළා වූ දේ මට
ඔබ දිව්‍යමයි අරුම වෙයි - මුවින් කිව නොහේ
මිදීම අනගි වේ ඉතා - හැම පැසසුමට වඩා
2
සිදුරු වුණේ කුරුසයේ - වතුරත් ලෙයත් ගලා
දෙව් ජීවනේ ලබන්නටයි - අප ගැළවෙනා ලෙසේ
ඒ ලේවලින් විශුද්ධ වීමු - පිළිගැනෙන ලෙසේ
යළි ඉපිද ජීවයෙන් ඔබේ - ඔබ හා දැන් එක් වෙමින්
3
මළා වූ බීජයයි ඔබ - තවත් උපදින්ට
බිඳී සැදී සිරුරක් ලෙසින් - ඔබේ සොබාවට
විශාල වීමයි අපි ඔබේ - ඔබෙන්ම සෑදුණු
එක ශරීරයක් ලෙසින් - විඳිමූ ඔබේ සියල්
4
අපි ඔබේ ශරීරයයි - ඔබට ආ හැකී
අප තුළේ ගෙය සදා- එහී වෙසෙන්නට
ඔබේම කොටස වෙමු අපී - ඔබ පිනවමින්
ඔබේ සියල්ල විඳ ගමූ - එක් අයෙක් වෙමින්
5
සිහිකරමින් එක්වෙමු - සංකේත මෙහි ඇතේ
ඔබෙ පූර්ණ වූ උතුම් මිදීම - පැසසුමෙන් පුදම්
සැදුණු හෙයින් ඔබේ කයින් - අප ඔබෙ මනාලියයි
අපි ස්තුති පුදා පසසමින් - ඔබ තුළ රැදෙන්නෙමු