ජීවනෙන් ගැළවීම ඔබේ

C1006 E9006 Si9006
1
ජීවනෙන් ගැළවීම ඔබේ
ධර්මිෂ්ඨ-කම ඉන් සපිරේ
නීතියෙන් පරිපූර්ණ වේ
ජීවනයෙන්ද පොහොසත් වේ
2
ඔබ නීතියෙන් මුදවන්නේ
ඔබ ජීවනයෙන් ගලවන්නේ
ධර්මිෂ්ඨකම සපිරෙන්නේ
ඔබ කැමැත්තද ඉටුවන්නේ
3
මම නීතියෙන් නිදොස් වෙමී
ජීවනෙන් ඔබ හා එක්වෙමී
දෙව් මිනිසෙකු සේ ඔබගෙන්
බිහි වී නව ජීවය ලබමී
4
දකිමින් ඔබ වත වෙනස් වෙමී
ඇතුළෙන් ඔබගේ ජීවනයෙන්
දෙවිඳුන් කුළුඳුල් පුතු වූ ඔබේ
සොබාව වන්ට මම සැදෙමී
5
පරිණත වන්නෙමි ඔබෙ ජීවෙන්
මිනිසෙකු මෙන් සපුරා වැඩුණු
ඔබගෙන් සෑදී ගොඩ-නැඟී
ඔබගෙ ශරීරය වන්නට
6
මාගෙ ශරීරය මහිමවත් වී
ලැබ ඔබගේ පුත්‍රකම උ-තුම්
මුසුවී ඔබ හා එක්ව සිටිම්
නව යෙරුසෙලමේ වාසස්ථානේ