දිවියයි ඔබ මාගේ

B433 C381 CB841 D841 E841 F149 G841 K381 LSM240 P841 R570 S359 Si841 T841
1
දිවියයි ඔබ මාගේ - මා තුළ ඔබ ඉන්නේ
පූර්ණකම දෙවිඳුන්ගේ - ඔබමය මට දෙන්නේ
ඔබගේ දෙව් සෝබාවෙන් - මා පිවිතුරු වන්නේ
ඔබගේ උත්ථාන-යෙන් - මට ජය ගෙන එන්නේ
2
ඔබගේ ගලනා ජීවෙන් - ආලෝකය දෙන්නේ
සහභාගී-කම ආත්මෙන් - ඔබමයි ගෙන එන්නේ
සපුරා මාගේ සෑම දේ - ඔබගේ දේ ඉල්ලා
ගෙනගොස් මා පවිත්‍ර වී - ඔබ තුළ සිටගන්ටා
3
ඔබ ආලේපේ ආත්මේ - මා තුළ පතුරන්නේ
ප්‍රාණය හා මා ආත්මේ - ඔබගෙන් පොඟවන්නේ
සෑම කොටස් වෙනස් වී - සරිලන තුරු ඔබටා
පරිණත වන තු-රූ මා - ඔබගේ ජීවනයෙන්
4
ඔබගේ අධික වු ජීවේ - ගලනා සරු ලෙසිනේ
නිති මා පණගන්වන්නේ - බලයෙන් පුරවන්නේ
මරණය ගිල ජීව-නෙන් - දුබලකමත් සවි වී
සියලුම බැමි බිඳීලා - දුක ගීයක් වන්නේ
5
කැපවෙන්නෙමි මම ස්වාමිනී - ඔබහට මුළුමනින්
ඔබගේ හදවත ආශා - මා තුළ සපිරෙන්ටා
මා නම් හරිගැස්වෙන්ට - වෑයම් නොකරන්නේ
මා තුළ ඔබ කරනා දේ - බාධා නොකරන්ටා
6
මාගේ නිෂ්ඵල වෑයම් - නවතන්නෙමි සපුරා
සකසා මබෙ ජී-වෙන් - සැමදේ ලැබගන්ටා
ගොඩනැගුමට අන් සැම හා - අප තුළ දකිනා සේ
ඔබෙ මහිමේ ප්‍රකා-ශනේ - ඔබටම ගෙන එන්ටා