පිය දෙවිඳුගේ ළයේහි

B100 C154 CB203 D203 E203 F226 G203 K154 LSM39 P203 R152 S93 Si203 T203
1
පිය දෙවිඳුගේ ළයේහි - යුග බිහිවන්ටත් කළින්
ඒකජාතක පුත්‍රයාණන් - සිටි පිය මහීමයෙන්
පියතුමන්ම දුන්නෙ අපට
ඔබමය නොවෙනස් ලෙසින්
පූර්ණත්වය පියතුමන්ගෙ
පැවසුණේ ආත්මේ තුලින්
2
ඔබ දෙවිඳුන් කුළුඳුලාය - මරණින් හා උත්ථානයෙන්
අපට දුන්නු ජීවනයෙන් - බොහොදෙනා වැඩී ගියේ
ඔබ තුළේහි යළි ඉපිද
දෙවිපියාගෙ පුතුන් සේ
ඔබෙ බොහෝ සොහොයුරන්ව
අපි ඔබ වැනී වෙමු
3
මිහිතලේ වැටී මළා වු- එකම බීජයයි එදා
මරණින් හා උත්ථානයෙන්ද - ජීවනේ බෝ වෙන්නටා
ඔබෙ සොබාවෙන් අප ගෙනාවෙ
බීජ බෝ මෙන් පැළවෙමින්
එක රොටිය සේ සැදීමෙන්
පූර්ණකම කියා ඔබේ
4
බෝවීමයි අපි ඔබගෙ - සිරුර හා මනාලියයි
ප්‍රකාශයයි පූර්ණත්වයයි - ඔබ සදා වසන්නට
අපි ඔබේ සදා පැවැත්මයි
ජීවනේ ව්‍යාප්තියයි
අතිශය වූ වර්ධනයයි
උතුම් ඔබ හා ඒක වූ