කොයිතරම් ගැඹුරුදෝ

B91 C130 CB152 E152 F27 G152 K130 LSM31 P152 R114 S76 Si152 T152
1
කොයිතරම් ගැඹුරුදෝ - කොයිතරම් විශාලදෝ
ප්‍රේමය මා කෙරේ - ස්වාමීනි
දැනගන්ට බැරිතරම් - ගැඹුරුය මා හට
බෝ සේ ගැඹුරු වූ - මුහුදටත් වඩා
ඒ නිසයි සිදුවුණේ - මරණේ විඳින්නට
ඒ ලෙසේ මා හට - ඔබව දෙන්ට
ඒ මගින් ඔබ මට - බද්ධ වන්නට
මේ ලෙසේ මා ඔබේ - කොටස වන්නට
2
කාටද කිව හැකී - සෑම පුදුම දේ
ඔබගේ ප්‍රේමයෙන් - මා කරා ගෙනා
ඒත් හැමට වඩා - පුදුමය වන්නේ
ඔබ මා තුළට ගෙන ආ බවයි
ඔබගේ ප්‍රේමේ - මා තුළට දුන්නේ
සැපයුම සේ මගේ - ඔබේ සෑම දේ
සැබෑ ජීවනේ සේ දැන් - මා විඳින්නේ
සම්පත් ඔබගේ - සදාකාලෙට
3
ඔබගේ ප්‍රේමයයි - ප්‍රකාශ වන්නේ
ප්‍රේමවන්ත වූ ඔබේ - දෙව් ස්වරූපයේ
ජීවිතේ මාගේ - අර්ථවත් කරන්නේ
දෙවිඳුන් සැළැස්මට - ගැළපෙන්ට
ජීවනේ දයාව - පූර්ණ වන්නෙද
ඒ ය කොටස මාගේ - සෑම දිනේ
මා කෙරේ වන්නේ - ඔබගේ ප්‍රසාදේ
රසය මිහිරී - සෑම දා
4
කාටදෝ හැකී - වෙන් කරන්ට මා ඔබෙන්
අන්තිම තෙක් ඔබ - පෙම් කරයි මට
ඔබගේ ප්‍රේමය - පවතී සදාටම
ඔබ හා එක් වී - මුසු වන්නට
අප දෙදෙනාම - එක් අයෙකු වේ
මා ඔබේ වන්නේ - ඔබ මාගේ
මේය වේය - සාක්ෂිය මාගේ
ඔබගේ ප්‍රේමෙන් - එක්වෙමූ සදා
මිතුරෙක් ඇත්තේ, එතුමන් ප්‍රේමේ