1
ඔබ දෙවිඳුය මහිම වූ - එනමුදු මනුකය දැරූ
යටහත් මිනිසෙකු වුණු - ඔබ සිහිකරන්නෙමී
යටහත් මිනිසෙකු වුණු - ඔබ සිහිකරන්නෙමී
2
දෙව් මහිමය ඉවත දා - කය කූඩා-රම තුළේ
සොඳුරුකමක් නොම විරූ- ඔබ සිහිකරන්නෙමී
සොඳුරුකමක් නොම විරූ- ඔබ සිහිකරන්නෙමී
3
වියලි බිමෙහි අංකුරයයි - වේදනාවෙ මිනිසා ඔබයි
සෑම දෙන අවමන් ගෙනා - ඔබ සිහිකරන්නෙමී
සෑම දෙන අවමන් ගෙනා - ඔබ සිහිකරන්නෙමී
4
මුදු හා පහත් වූ හදින් - කිසිදු කෙඳුරුමක් නොපා
දුක් විඳින්ට එකඟ වූ - ඔබ සිහිකරන්නෙමී
දුක් විඳින්ට එකඟ වූ - ඔබ සිහිකරන්නෙමී
5
මුදු ප්‍රසන්න මිනිසෙකී- පූර්ණ හා සමතුළන වූ
ආහාර පූජාව දෙවිඳුගේ - ඔබ සිහිකරන්නෙමී
ආහාර පූජාව දෙවිඳුගේ - ඔබ සිහිකරන්නෙමී
6
පිය කැමැත්ත දිනුම වූ - සාතන් හඬට නොරැවටී
විශ්වාසවන්ත වූ ඉතා - ඔබ සිහිකරන්නෙමී
විශ්වාසවන්ත වූ ඉතා - ඔබ සිහිකරන්නෙමී
7
දෙවිඳු අණට කීකරු වී - මගෙ තැන ගෙන කුරුසයේ
ගිය මරණය විඳිනට - ඔබ සිහි කරන්නෙමී
ගිය මරණය විඳිනට - ඔබ සිහි කරන්නෙමී
8
එබැවිනි දෙව් එසවුයේ - තේ-ජස හා මහිමෙ දී
හැම දණ ඔබ හට නැමේ - ඔබ නම-දින්නෙමී
හැම දණ ඔබ හට නැමේ - ඔබ නම-දින්නෙමී
Delete Comment
Are you sure you want to delete this comment?