Skip to content
hymnal.net
hymnal.net
My Songs

Download limit reached

පුළුලයි ගැඹුරුයි දෙව් පෙම

කැපවීම ස්වාමීන්වහන්සේ මගින් සීමා වීම’s Love

Sinhala8330
1
පුළුලයි ගැඹුරුයි දෙව් පෙම
වටහාගනු බෑ අපට
එනිසයි ලැබුවේ පව්කාර අප
සමිඳුන්ගේ කරුණාව
2
සමිඳුන් ගෙවමින් මිලය
මා හිමී කරගත් බැවිනී
කැමතියි කුරුසේ රැගෙන යන්ට
එතුම් පස්සේ විශ්වාසෙන්
3
ඉවත දමමී සෑම දේ
මට ක්‍රිස්-තුන් ලැබ ගන්ට
දිවි හෝ මරණය දැන් මට පල නෑ
හැරිලා බැල්ම පල කිමද
4
මගෙ නෑසියන් ලෝ දෙයට
ලොල් වන මුත් මා රුචි නෑ
සමිඳුන් මා නිසයි දුක්පීඩා වින්දේ
කැමතියි විඳින්ට- එලෙසේ
5
මගෙ ගැළවුම්කරු සොයමී
එතුමන් අබිමුව පමණී
එතුම් වෙනුවෙන් දිවියට දුක ගෙන
මගෙ ලාභය කැපකරමී
6
ඔබ මගෙ සැනසුම වේ
මගෙ ආදර යේසු සමිදේ
ස්වර්ගේ පොළොවේ කවුදෝ ඉන්නේ
මට ඔබ හැර ප්‍රේමේ දෙන්ට
7
හැම දුක් පීඩා නිෂ්ඵලයි
මට ඒ කිසිවක් ඕනෑ නෑ
ඔබෙ ප්‍රේමය ඕනෑ බැඳ ලන්නට
මා ප්‍රාණේ ආත්මය, සිරුර
8
සමිදේ ඔබගෙන් ඉල්ලමී
මට මග පෙන්වනු මැනවී
ඔබේ බලයෙන් මාව සවි ගන්වා
පසුකර යන්ට නපුරු යුගේ
9
සාතන්, මාංසය, ලෝකය
මාව- පරදාලයි නිතිනේ
ඔබ මා සවිමත් නොකළොත් ඔබගේ
නාමෙට වෙනු ඇත අවමන්
10
දැන් කාලය අඩු බැවිනී
පොළොවේ බැම්මෙන් ලිහනු මැනේ
ඔබ එනවිට මම සතුටින් ගයමී
හලෙලූයා ආමෙන්

Delete Comment

Delete this comment? This cannot be undone.