1
හාස්කමකී, මහ පුදුමයකී
මිනිසා හා දෙව් මුසුවීම
මිනිසෙකු වූයේ අප දෙවිඳුන්
මිනිසා දෙවි වන සැළැසුමටයි
එතුමන් කැමැත්ත හා සතුටේ
උදාර අරමුණ ඉටුවන්ටයි
එතුමන් කැමැත්ත හා සතුටේ
උදාර අරමුණ ඉටුවන්ටයි
මිනිසා හා දෙව් මුසුවීම
මිනිසෙකු වූයේ අප දෙවිඳුන්
මිනිසා දෙවි වන සැළැසුමටයි
එතුමන් කැමැත්ත හා සතුටේ
උදාර අරමුණ ඉටුවන්ටයි
එතුමන් කැමැත්ත හා සතුටේ
උදාර අරමුණ ඉටුවන්ටයි
2
මාංසවත් වී මුල් දෙව් මිනිසා
ආවේ මට දෙවිකම දෙන්ටයි
සොබාව හා ජීවනෙන් පමණයි
දේවත්වය හිමි දෙවිඳුන්ටයි
දෙවිඳුන් ගුණ මගෙ යහගුණ වේ
දෙවිඳුන් මහිමය මාගෙන් දිලේ
දෙවිඳුන් ගුණ මගෙ යහගුණ වේ
දෙවිඳුන් මහිමය මාගෙන් දිලේ
ආවේ මට දෙවිකම දෙන්ටයි
සොබාව හා ජීවනෙන් පමණයි
දේවත්වය හිමි දෙවිඳුන්ටයි
දෙවිඳුන් ගුණ මගෙ යහගුණ වේ
දෙවිඳුන් මහිමය මාගෙන් දිලේ
දෙවිඳුන් ගුණ මගෙ යහගුණ වේ
දෙවිඳුන් මහිමය මාගෙන් දිලේ
3
මා නොව දැන් ජී-වත් වන්නේ
දෙවිඳුන් මා හා වෙසෙන නිසා
අපි හැම දෙවිඳුන් තුළ එක්වී
වෙමු විශ්ව නිවහන දෙවිඳුන්ගේ
ජීව ශරීරය වෙමු දෙවිඳුන්
අපගෙන් දෙවිදුන් දැක්වෙන්ටා
ජීව ශරීරය වෙමු දෙවිඳුන්
අපගෙන් එතුමන් දැක්වෙන්ටා
දෙවිඳුන් මා හා වෙසෙන නිසා
අපි හැම දෙවිඳුන් තුළ එක්වී
වෙමු විශ්ව නිවහන දෙවිඳුන්ගේ
ජීව ශරීරය වෙමු දෙවිඳුන්
අපගෙන් දෙවිදුන් දැක්වෙන්ටා
ජීව ශරීරය වෙමු දෙවිඳුන්
අපගෙන් එතුමන් දැක්වෙන්ටා
4
යෙරුසෙලම - පරිසමාප්තියයි
සෑම දසුන්වල සමස්තයයි
දෙවිඳුන් හා තුන්පත් මිනිසා
සදාතනේ පෙම්වත් යුවලයි
මිනිසෙකු සේ මුත් දෙවිඳුන් වී
එකම නිවහනක වෙසෙති සදා
මිනිසත්කම තුළ දෙව් මහිමේ
දී-ප්තියෙන් විහිදී බැබලේ
මිනිසත්කම තුළ දෙව් මහිමේ
දී-ප්තියෙන් විහිදී බැබලේ
සෑම දසුන්වල සමස්තයයි
දෙවිඳුන් හා තුන්පත් මිනිසා
සදාතනේ පෙම්වත් යුවලයි
මිනිසෙකු සේ මුත් දෙවිඳුන් වී
එකම නිවහනක වෙසෙති සදා
මිනිසත්කම තුළ දෙව් මහිමේ
දී-ප්තියෙන් විහිදී බැබලේ
මිනිසත්කම තුළ දෙව් මහිමේ
දී-ප්තියෙන් විහිදී බැබලේ
Delete Comment
Are you sure you want to delete this comment?