අබිරහසක් වේ, මේ පිය පුත් හා ආත්මේ

B365 C447 CB608 D608 E608 F124 G608 K447 P608 R443 S287 Si608 T608
1
අබිරහසක් වේ, මේ පිය පුත් හා ආ-ත්මේ
තිදෙනෙක් නමුත්, හරයෙන් එක් අ-යෙක්මයි
මේ දෙවිඳුන්, අප තුළේ පිවිසෙන්-නේ
සැමදේ වන්ටයි, පුත්‍රයා- තුළ ආත්ම-යෙන්
 
ත්‍රිඒක දෙව්, දැන් සියල්ලයි අපේ
අසිරිමත්ය, මහිමවත්ය
මේ දීමනා-ව කිසිදා නිම නොවේ
අරුමයක්ය, ඉතා අනර්ඝය
2
උල්පත සේ, පියාණන් දෙන්නා වූ ඒ
සම්පත් මහා, මිනිසා උදෙසාම වේ
කොටස මේ, කිසිදා නිම නොවෙ-නා
අපටයි සදා, භුක්ති- විදින්නට
3
පියාණන්ගේ, ප්‍රකාශන-ය වූ ඒ
පුතු ආවේ, මිනිසෙකු සේ පොළවට
පව්කාර වූ, අපට දුන් මිදී-මෙන්
ඉඩ සදා, දෙවි-ඳුන් හා එක්වන්ට
4
ආත්මයයි, අන් වෙස ඒ පුතු-ගේ
ජීවනේ සේ - අප තුළට එන්නට
පුදුමයි ඉතා, දැන් අපගේ මේ ආත්මේ
ඒ ආත්මය හා මුසු වී එක්වන්නේ
5
මේ දෙවිඳුන්, දැන් ආත්මය වන්-නේ
දිනෙන් දිනේ, ලබන්නට අපට
පුදුමයි ඉතා, අප හා මේ දෙවි-ඳුන්
එක ආත්මයයි, නොවෙනස් ජීවනයෙන්